Monday, September 1, 2014

එළ!

මීට මාස දහයකට විතර කලින් ඌව කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා පොඩියට පටන් ගත්ත "එල" අද වෙනකොට ලංකාව පුරා ඉංග්‍රීසි හැකි නොහැකි බොහෝ පිරිසකට නොමිලේ දැනුම බෙදා දෙමින් වැඩෙන දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙලා.




එල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ දැනුම බෙදා ගැනීමේ පදනම මත. ගුරුවරයාගෙන් ගෝලයාට දැනුම ගලා යන සිරස් ක්‍රමයෙන් ඔබ්බට ගිය, එකිනෙකා සමග දැනුම හුවමාරු කරගන්නා තිරස් ක්‍රමයක් තමයි එල එකේ ක්‍රියත්මක වෙන්නේ. විභාගයක් ලංවෙලා දාන කුප්පියක සිදුවෙන ක්‍රියාවලියට යම් සමානතාවයක් දක්වනව එල. ඒ නිසාම හොද කුප්පියක තියෙන ඵලදායී බව ඒ හා සමානවම  එල එකේ දකින්න පුලුවන්. අවුරුදු 14ක් 15ක් පාසලේ, ටියුෂන් පංතියේ ඉංග්‍රීසි ඉගෙනගත්ත ක්‍රමයට වඩා මේ ක්‍රමය ඵලදායී සහ විශේෂ වන්නේ ඒ නිසයි.







මේ ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට සිසුන් යොමු කරන "එල" දැනට ක්‍රියාත්මක වෙන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ විතරයි. ඉදිරි අනාගතයේ අනෙක් සරසවි වලටත් "එල" ව්‍යාප්ත කිරීමට ඌවෙ අපි සූදානම්.




ඊට අමතරව එල එකෙන් නොමිලේ ලබා දෙන "එල එන්ග්ලිෂ් ටිප්ස්" සේවාවට සම්බන්ධ වීමෙන් ඔබටත් පුලුවන් දිනපතා එස්.එම්.එස් මගින් ඉංග්‍රීසි ඉගෙන ගන්න.

එල!!!






ඔබගේ ජංගම දුරකතනයෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙනීමට FOLLOW<space>ELAUWU ලෙස ටයිප් කර 40404ට send කරන්න.
මෙය ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් කණ්ඩායමක් විසින් දියත් කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවකි.

Ex:
FOLLOW ELAUWU

Send to 40404

සේවය අත්හිටුවීම සදහා STOP<space>ELAUWU ලෙස ටයිප් කර 40404ට send කරන්න.

Ex:
STOP ELAUWU

Send to 40404

www.facebook.com/ela.uwu
www.twitter.com/elauwu
#ela



No comments:

Post a Comment